gastritis - ගැස්ට්‍රයිටිස්

ගැස්ට්‍රයිටිස් යනු මහත් කරදරකාරී රෝගයක් බව සත්‍යයකි.එහි ඇති කරදරකාරී බවටත් වඩා එමගින් ඇති කරන ජීර්ණ දුර්වලතාවයන් හේතුවෙන් පසුකාලීනව ඇති විය හැකි උපද්‍රවයන් පිලිබදව අප දැනුවත් විය යුතුය.

ශරීරය සැදී ඇති පද්ධති සියල්ල සලකා බැලූ විට ආහාර ජීර්ණ පද්ධතියට සුවිශේෂී තැනක් හිමිවේ.පුළුල්ව සිතා බැලුවොත් අන් සියළුම පද්ධති වලට වඩා වැදගත්ම පද්ධතිය ආහාර ජීර්ණ පද්ධතියයි.

ඊට හේතුව ශරීරයේ අන් සියළුම පද්ධතීන්ට පෝෂණය සැපයීමේ පුර්ණ වගකීම දරන්නේ ආහාර ජීර්ණ පද්ධතිය වීමයි.

ශරීරයේ කුඩාම තැනුම් ඒකකය වන සෛල වලට පෝෂණය සැපයිමටනම් ,අප ගන්නා  ආහාර සෛල වලට උරා ගත හැකි මට්ටමට සරල කොටස් බවට පත්විය යුතුය.

ජීර්ණ පද්ධතිය අතරමග නතර නොවී ගන්නා ලද ආහාර වල ඇති පෝෂක කොටස් සෛල වලට උරාගත හැකි අවසාන ඵල බවට පත් කරන්නේ ජීර්ණ පද්ධතියේ මුලිකත්වයෙනි.

එසේ වීමටනම් අහාර ජීර්ණ පද්ධතිය තුල සිදුවන සියළු ක්‍රියාවන් යහපත් විය යුතුය.නමුත් ගැස්ට්‍රයිටිස් රෝග තත්වය විවිධ ස්වරූප වලින් පවතින විට ආහාර ජීර්ණ පද්ධතියේ යහපත් වූ ස්වභාවික ක්‍රියාවන් අක්‍රමවත් වේ.

අනිකුත් සියළු පද්ධතීන්ට අහිත කර බලපෑම් ඇති වන්නේ එතන පටන්ය.

ආහාර ගැනීමෙන් පසු උගුරට ඒම ,බඩේ දැවිල්ල,බඩ පුරවා දැමීම ,අමාශයේ තුවාල ,පපුව හිරවීම වැනි ලක්ෂණ ඇති විට පමණක් ගැස්ට්‍රයිටිස් රෝගය ඇතැයි ඇතැමුන් සිතති.නමුත් මෙම ලක්ෂණ ඇතිව හෝ නැතිව ආහාර ජීර්ණ පද්ධතියේ මතුවන විවිධ සංකුලතා හේතුවෙන් ගන්නා ආහාර හරි හැටි නොදිරවිම නිසා ඇතිවන තවත් උපද්‍රවයන් ඇත.

ඒවානම් හිසේ කැක්කුම,ක්ලාන්ත ගතිය,කරකැවිල්ල,පිට කොන්දේ කැක්කුම,ඇගපත අමාරුව,අලස බව,අධික ලෙස කේන්ති යාම,ශරීරයේ අප්‍රාණික බව,නිතර නිදිමත හෝ නින්ද නොයාම,මල මුත්‍ර පිටවීමේදී ඇති අපහසුකම් හා අක්‍රමිකතාවයන් ආදී ලක්ෂණයි.

මෙසේ මුල් අවධියේම එවැනි ලක්ෂණ පහල වීමෙන් පෙනී යන්නේ ගැස්ට්‍රයිටිස් හෝ ජීර්ණ පද්ධතියේ ඇති දුර්වලතාවයන්ගේ බලපෑම අනෙකුත් සියළුම ඉන්ද්‍රියන්ට හෝ පද්ධතීන්ට ඇති බවයි.

මෙවැනි ජීරණ දුර්වලතාවයන් කල්යත්ම චීරකාලින වූ උපද්‍රවයන් ඇති කරයි.ඊට හේතු වන්නේ මේ නිසා ඇති වන පෝෂණ ඌනතාවයන් පමණක් නොවීමද විශේෂත්වයකි.

ගැස්ට්‍රයිටිස් හෝ වෙනත් ආහාර ජීර්ණ පද්ධතියේ දුරවලතාවයන් ඇති වී ගන්නා ලද අහාර සිරුරට අවශෝෂණය කල හැකි අවසාන ඵලයක් තත්වයට පත් නොවේ.එනම් ඒවා විසක් ලෙස රුධිරයට එකතු වෙයි.ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුල “ආම” ලෙස මෙය හදුන්වයි.එම ආම තත්වය යනු සැබෑ ලෙස නොදිරවූ ආහාර රසයයි.

එයින් ශරීරයේ කිසිදු සෛලයකට නිසියාකාරව වැඩක් ගැනීමට නොහැකිය.

එම විෂ තත්වය ඇසුරු කලේ වකුගඩු ආශ්‍රිත මුත්‍රන පද්ධතිය නම්, වකුගඩු අභාධ මුත්‍රා රෝග ආදිය ඇතිවිය හැකිය.ශරීරයේ අධෝභාගය ආක්‍රමණය කලේ නම් අක්‍රමවත් මලපිටවිම මලබද්දය හෝ අර්ශස් වැනි තත්වයක් ඇති විය හැකිය.ඒ අයුරින්ම අග්නයාශය ඇසුරු කල විට දියවැඩියාව ආශ්‍රිත ප්‍රමේහ රෝග තත්වයන්ද,හදවත ඇසුරු කලවිට විවිද හදවත් රෝගද සම ඇසුරු කලවිට වාතරක්ත,පලු දැමීම,කැසීම ආශ්‍රිත විවිධවූ සමේ රෝගද ආදී ලෙස ඒ ඒ පද්ධතීන්ට,ඉන්ද්‍රියන්ට අවේණික වූ රෝග තත්වයන් ඇති කරයි.

එසේ නම් මේ සියළු රෝග තත්වයන් උපද්‍රවයන් ඇති කිරීමට මූලික වන්නේ ගැස්ට්‍රයිටිස් හෝ ආහාර ජිර්ණයේ විවිධ අක්‍රමිකතාවයන් බැවින් එම තත්වය අප විසින් වහවහා සුව කර ගත යුතුය.

දැන් පැන නැගෙන ප්‍රශ්නය නම් මෙම රෝග තත්වයන් නිට්ටාවටම සුව කල හැකිද යන්නයි.ඊට පැහැදිලි ම පිලිතුරනම් මෙම බෝ නොවන රෝග නිට්ටාවටම සුව කල හැකි බවයි.එවිට එම රෝග නිට්ටාවටම සුව කරන්නේ කෙසේ දැයි ඔබ අසනු ඇත.රෝග නිට්ටාවටම සුව කිරීම සදහාම වූ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය නිවැරදිව භාවිතා කිරීමෙන් මෙම රෝග නිට්ටාවටම සුව කල හැකිය.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ගැන කියුවිට ඊට යොමුවීමට බොහෝ අය මැලි වන්නේ බෙහෙත් සෙවීම තැම්බීමට ඇති අපහසුතාවය නිසාය.

“බෙහෙත් වට්ටෝරු ලියාදීමෙන් බැහැරව තම්බා පිලියෙලකළ කෂාය වර්ග බෝතල් ලෙසම අප ලබා දෙනවා. ඇතැම් කසාය වර්ග පෙති ලෙස සකස් කරලා තියනවා.මිට අමතරව ගුලි වර්ග,චුර්ණ වර්ග,කලක වර්ග,ක්වාථ වර්ග අප නිපදවලා තියෙන්නෙත් ඉතා පහසුවෙන් භාවිතා කල හැකි ලෙසයි.විවිද රැකියාවල් සහ සේවා මුරයන්ට අනුව බෙහෙත් වර්ග භාවිතා කිරීම තවත් පහසුවක් වනු ඇත.ඒ නිසා බොහොමයක් කාර්යබහුල අය අතරේ අපගේ ඹෞෂධ ක්‍රමය ඉක්මනින් ජනප්‍රිය වුනා.”